107 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටෙයි (වීඩියෝ)

Friday, 22 May 2020 - 16:04

107+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

එහි මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට A320 වර්ගයේ මෙම යානය කඩා වැටී තිබෙනවා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේවන විට ගුවන්යානය කඩා වැටී ස්ථානයට ගිලන් රථ සහ සහන කණ්ඩායම් පැමිණ තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පකිස්ථානය තුල මෙවැනි ගුවන් අනතුරු රැසක් සිදුවන බවයි.

2010 වසරේදී පෞද්ගලික සමාගමකට අයත් ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර ආසන්නයේදී අනතුරට ලක්වුනා.

එහිදී පුද්ගලයන් 152ක් ජීවිතක්ෂයට පත්වූ අතර එය පකිස්ථාන ඉතිහාසයේ දරුණුතම අනතුර ලෙසටයි සැලකෙන්නේ.

2012 වසරේදී බෝයිං 737 වර්ගයේ යානයක් අයහපත් කාලගුණික තත්වය හමුවේ රාවල්පින්ඩි නුවරදී කඩා වැටුනා.

එහිදී කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ද සමගින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 127ක්.

එමෙන්ම තවත් පකිස්ථාන ගුවන්යානයක් ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් සිටියදි කඩාවැටුනේ පුද්ගලයන් 47 දෙනෙකුට දිවි අහිමි කරමින්.







පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 6ක ජල කප්පාදුවක්
Wednesday, 03 June 2020 - 8:28

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6 කාලයක් ජල... Read More

ඇමරිකාවේ විරෝධතාකරුවන්ට සහය දැක්වීමට රටවල් රැසක් එක්වෙයි
Wednesday, 03 June 2020 - 8:25

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී, තවත් හෙළිදරව්වක්
Wednesday, 03 June 2020 - 8:17

සහරාන් හෂීම් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර තිබූ වීඩියෝ... Read More