මාලිගාවත්තේ කාන්තාවන් තෙරපී මියගිය බව තහවුරු වේ (වීඩියෝ)

Friday, 22 May 2020 - 18:36

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මාලිගාවත්ත ප්‍රදේශයේදී ඊයේ මියගිය කාන්තාවන් තුන්දෙනාගේ මරණයට හේතුවී ඇත්තේ උරකුහරය තෙරපීමට ලක්වීම හේතුවෙන් බවට අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, අදාළ සිද්ධිය හේතුවෙන් තවත් කාන්තාවක් අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඇය වයස අවුරුදු 60ක් පමණ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ. ඒ අනුව, සිද්ධියට මුහුණදුන් 6 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් 5 දෙනෙකුම කාන්තාවන්.

ඒ අතරින් එක් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 07 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් ජුනි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ අනුව, ඔවුන් මීගමුව - පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව, මාලිගාවත්තේ සිදුවීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් 19 ව්‍යාප්තියෙන් මහජන ආරක්ෂාව සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන වකවානුවක එම ක්‍රියාවන් අනුගමනය නොකරමින් මෙවැනි සිදුවීම් ඇතිවීම දැඩි කනස්සල්ලට හේතුවක් බවයි එහි දැක්වෙන්නේ.



රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 59 ලක්ෂය ඉක්මවයි
Friday, 29 May 2020 - 8:03

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 59 ලක්ෂ 4284 දක්වා... Read More