දරුවන් අතර ව්‍යාප්තවන කොවිඩ් 19 ට සමාන නව වෛරසයක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

Friday, 22 May 2020 - 20:47

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් ඇති, දරුවන් අතර, ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන නව වෛරසයක් අමෙරිකාව ඇතුළු රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේවන විට ලොව රටවල් රැසකින් වාර්තාවන කොවිඩ් 19 පුද්ගල මරණ සංඛ්‍යාව 335,203 දක්වා ඉහළගොස් ඇති අතර, වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 52කට අධිකයි.

කොවිඩ් 19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව තිබෙන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍යවන බ්‍රසීලයයි.

එක්දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ නව පුද්ගල මරණ 1188ක් වාර්තා වීමත් සමඟ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 20ල082 ක් දක්වා ඉහළ ගියා.

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 310,921 ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතයින් 17564ක් ගත වූ පැය 24 තුළ වාර්තාවීමත් සමඟයි.

තවමත් කොවිඩ් 19 ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීම අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ අමෙරිකාව වන අතර ආසාදිතයින් 28179 දෙනෙක් ඊයේ දිනයේදී එරටින් වාර්තා වුණා.

එරට තුළ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 96000 කට අධිකයි.

ජනාධිපතිවරුන් 11 දෙනෙක් යටතේ සේවය කළ ධවල මන්දිරයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ ප්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිචිගන්හි සංචාරයකට එක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණයක් නොපැළඳ මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර ඔහුගේ මෙම හැසිරීම විවේචනය කරමින් ප්‍රාන්ත නීතිපතිවරයා කියා සිටියේ මෙවැනි පුද්ගලයෙකු රටේ ජනාධිපති වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි.

මේ අතර අද රැස්වූ චීන පාර්ලිමේන්තුවට චීන ජනාධිපති ෂී ජින් පිං මුඛ ආවරණයක් නොපැළඳ සභා ගර්භයට පැමිණීමද ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වුණා.

අසල්වැසි ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 6198ක් ලෙස ඊයේ වාර්තා වුණා.

මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,226 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වුණේ 3584 ක් ලෙසින්.

එළඹෙන සඳුදාට යෙදෙන රාමසාන් උත්සවය සඳහා බංග්ලාදේශ වැසියන් ආරක්ෂක ක්‍රමවේදයන් නොතකමින් සූදානම්වන අයුරු දක්නට ලැබුණා.
 
මේ අතර කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් දරුවන් ආශ්‍රිතව ව්‍යාප්තවීමෙන් ලොව රටවල් 13 ක් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ පවසන්නේ දරුවන් 150 කට අධික සංඛ්‍යාවක් සිය රට තුළ මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි.

අමෙරිකාවට අමතරව මෙම වෛරසය බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 13කින් වාර්තාවනවා.

කොවිඩ් 19 වෛරසය මැඩලීමට ප්‍රති මැලේරියා ඖෂධවන ක්ලෝරොක්වීන් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් ඖෂධ අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පසුගිය මාසයේ පුද්ගලයින් දෙදෙනෙක් මත අත්හදා බැලූ කොවිඩ් මර්දන එන්නත දෙවන අදියරේ පරීක්ෂණ සඳහා අවසරය හිමි වී තිබෙනවා.

ඒ අනුව සායනිකව අත්හදා බැලීම් 10,000 ක් ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.





ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More