ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 48යි (වීඩියෝ)

Friday, 22 May 2020 - 21:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+48%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
1948 පෙබරවාරි 4. ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ දිනයයි.

නමුත් ශ්‍රී ලංකාව පරිපූර්ණ නිදහස හා ස්වාධීනත්වය ලැබුවේ මීට වසර 48කට පෙර අද වැනි දිනකයි.

වර්ෂ 1948 පෙබරවාරි 4වනදා ශ්‍රී ලංකාවට අරුණ නැගැන්නේ වසර 133ක් බ්‍රිතාන්‍යය කිරීටයට යටත්ව සිට නිදහස්වූ බිමකටයි.

නමුත් මෙහිදී අපට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්.

ඒ අනුව මෙරට රාජ්‍ය නායකයා ලෙස තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින කටයුතු කළා.

ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස පිළිගැනුනේ අග්‍රාණ්ඩුකාරවරයායි.

ඒ අනුව නිදහස් ලංකාවේ පරිපාලනමය කරුණු රැසක් පිලිබඳ අවසාන බලය තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණා.

1948 ලැබුණු ඩොමීනියන් නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් වුයේ 1970දී බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව ගෙන ආ නව ජනරජ ව්‍යවස්ථාවත් සමඟයි.

අපේ මව් පොළොව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගැනුණු ඒ නව ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වුණේ මීට වසර 48 කට පෙර අද වැනි දිනකයි.

මේ අනුව එතෙක් සිලෝන් යනුවෙන් හැදින්වූ අප රට ශ්‍රී ලංකා ජනරජය ලෙස එතැන් සිට හැඳින්වුණා.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහමුලින් ඉවත්වීමත් ඒ සමඟ සිදුවුණා.

ඒ අනුව ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බුදුදහමටප්‍රමුඛස්ථානය ලබාදීමත් ජාතික ධජයේ සිවු කොණට බෝපත් හතරක් එකතුවීමත්ලදේශීයත්වය රැකගත් ජනරජ ලාංඡනයක් නිර්මාණයවීමත් සිදුවනවා.

ශ්‍රී ලංකාව එලෙස සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි.



මංගල උත්සව නිරීක්ෂණය සඳහා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 9:19

මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව... Read More

ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පිහිටුවීමේ ගැසට් පත්‍ර නිකුත් වෙයි
Wednesday, 03 June 2020 - 9:04

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
Wednesday, 03 June 2020 - 9:01

ගල්කිස්ස - සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තබා පලායාමේ... Read More