නැගෙනහිර පළාතේ පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් (වීඩියෝ)

Friday, 22 May 2020 - 21:55

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා  සඳහන් කළේ.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියාසිටියා.

බුදු දහමට  සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් හේතුවෙන් ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව  මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති අතර  සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බවයි ඔහු කියාසිටියේ.



පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 6ක ජල කප්පාදුවක්
Wednesday, 03 June 2020 - 8:28

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6 කාලයක් ජල... Read More

ඇමරිකාවේ විරෝධතාකරුවන්ට සහය දැක්වීමට රටවල් රැසක් එක්වෙයි
Wednesday, 03 June 2020 - 8:25

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී, තවත් හෙළිදරව්වක්
Wednesday, 03 June 2020 - 8:17

සහරාන් හෂීම් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර තිබූ වීඩියෝ... Read More