දිවි නසාගන්න ගිය තරුණියක් බේරා ගැනීමට ගොස් මියගිය තරුණයාගේ දේහය නිවසට (වීඩියෝ)

Friday, 22 May 2020 - 23:00

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනීමට යාමේදී දියේ ගිලී මියගිය ලිඳුල ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් නම් දෙදරු පියාගේ දේහය අද සිය නිවස වෙත රැගෙන ආවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන සිදුකිරීමට නියමිතයි.

ඉහළ කොත්මලේ ජලාශට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනිම සඳහා නොපැකිලිව ඉදිරිපත්වූ හමීඩ් රිස්වාන්ට අවසානයේ ඊයේ සිදුවූයේ සිය ජීවිතය පූජා කිරීමටයි.

ඒ අනුව, මෙම වීර දෙදරුපියාට මෙරට සමාජයෙන් හිමිවූයේ ඉහළ ගෞරවයක්.

මියගිය රිස්වාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු පදිංචිව සිටි ලිඳුල ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ පිහිටි නිවසට අද රැගෙන ආවා.

මියගිය තම සහෘදයා දැකගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව සිටියා. ඊට ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි තලවාකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද මියගිය රිස්වාන්ට ආචාර පුදකළා.

ජීවිතයක් බේරා ගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවූ මෙම දෙදරු පියා හෙට අවසන් ගමන් යන්නේ ජාති ආගම් භේද ඉක්මවා ගිය මිනිසත්කම පිළිබඳ උතුම් පණිවිඩයක් සමාජයට ලබාදෙමින්.



රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා 6 දෙනෙක් චීනයෙන්
Sunday, 31 May 2020 - 19:35

රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු ඇතුළු රෝගීන්... Read More

කඳුකර ජන නායකයා තොණ්ඩමන් දැයෙන් සමුගනී
Sunday, 31 May 2020 - 19:33

වසර 26ක් කඳුකර දේශපාලනයේ නිරත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක... Read More

අර්බුද මැද සමගි ජන බලවේගයේ කොටසක්, එජාපය සමඟ සාකච්ඡා
Sunday, 31 May 2020 - 19:29

සමගි ජන බලවේගය පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කිසිවෙකුත්... Read More