දිවි නසාගන්න ගිය තරුණියක් බේරා ගැනීමට ගොස් මියගිය තරුණයාගේ දේහය නිවසට (වීඩියෝ)

Friday, 22 May 2020 - 23:00

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනීමට යාමේදී දියේ ගිලී මියගිය ලිඳුල ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් නම් දෙදරු පියාගේ දේහය අද සිය නිවස වෙත රැගෙන ආවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන සිදුකිරීමට නියමිතයි.

ඉහළ කොත්මලේ ජලාශට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනිම සඳහා නොපැකිලිව ඉදිරිපත්වූ හමීඩ් රිස්වාන්ට අවසානයේ ඊයේ සිදුවූයේ සිය ජීවිතය පූජා කිරීමටයි.

ඒ අනුව, මෙම වීර දෙදරුපියාට මෙරට සමාජයෙන් හිමිවූයේ ඉහළ ගෞරවයක්.

මියගිය රිස්වාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු පදිංචිව සිටි ලිඳුල ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ පිහිටි නිවසට අද රැගෙන ආවා.

මියගිය තම සහෘදයා දැකගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව සිටියා. ඊට ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි තලවාකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද මියගිය රිස්වාන්ට ආචාර පුදකළා.

ජීවිතයක් බේරා ගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවූ මෙම දෙදරු පියා හෙට අවසන් ගමන් යන්නේ ජාති ආගම් භේද ඉක්මවා ගිය මිනිසත්කම පිළිබඳ උතුම් පණිවිඩයක් සමාජයට ලබාදෙමින්.



තොණ්ඩමන්ගෙන් හිස්වූ අපේක්ෂක ධුරයට, අනුප්‍රාප්තිකයෙකු නම් කරන්න, පොහොට්ටුව සූදානම්
Wednesday, 03 June 2020 - 7:51

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයත් සමඟ පුරප්පාඩු වූ නුවරඑළිය... Read More

ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි
Wednesday, 03 June 2020 - 6:55

ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More