නිරිත දිග මෝසමත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් (වීඩියෝ)

Friday, 22 May 2020 - 23:19

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ගෙවුණු වසරවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ඩෙංගු රොගීන් වාර්තාවීම ඉහළයාමත් විශේෂත්වයක්.

2018 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 51,659 ක්ද මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,474 ක් ද දිවයින පුරා වාර්තා වුණා.

ගෙවුණු වර්ෂවල මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ ඩෙංගු රෝගින්ගේ ඉහළ යාමක් සිදුව තිබුණත් ඒ පිළිබඳ අඩු අවධානයක් යොමුව තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය රටම වෙලා ගෙන ඇති නිසාවෙන්.

සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට ඩෙංගු වැළඳෙන අතර වාර්ෂිකව පුද්ගලයින් 50 ට වැඩි පිරිසකට ජීවිත අහිමිවනවා.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දෙන්නේ රට නැවත යථාතත්ත්වයට පත්වීමත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.



පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී, තවත් හෙළිදරව්වක්
Wednesday, 03 June 2020 - 8:17

සහරාන් හෂීම් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදා හැර තිබූ වීඩියෝ... Read More

රුපියල් 3000කින් ස්වයංක්‍රීය ජල කරාමයක් හැදූ පාසල් සිසුවා (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 8:06

හලාවත ආනන්ද ජතික පාසලේ 12වන වසරේ, විද්‍යා අංශයේ ඉගෙණුම ලබන... Read More

මහ මැතිවරණය සඳහා දින නියමයට, කොමිසම අද රැස්වේ
Wednesday, 03 June 2020 - 7:58

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා... Read More