අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 7 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්

Saturday, 23 May 2020 - 6:43

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1068 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ හමුවුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13ක්.

ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර නාවික හමුදා සාමාජිකයන් 11 දෙනෙකු සිටිනවා.

අනෙක් දෙදෙනා කුවේටයේ සහ මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අයයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ වන විට කොරෝනා සුව වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු මෙලෙස සුවය ලබා ඊයේ නික්ම ගියා.

ඒ අතර, නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු සිටිනවා.

මේ අතරින් ඊයේ (22) දිනයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 07දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.




රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More