තරුණියක මුදා ගැනීමට කොත්මලේ ජලාශයට පැන ජීවිතය අහිමි වූ තරුණයාගේ අවසන් කටයුතු අද (වීඩියෝ)

Saturday, 23 May 2020 - 10:27

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණිය මුදා  ගැනීමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් ජාතික තරුණයාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ, ලිදුල - ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භූමියේදියි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව 28 හැවිරිදි මෙම දෙදරු පියාගේ දේහය ඊයේ පස්වරුවේ ඔහු පදිංචි ෆාමස්ටන් රත්නගිරිය ජනපදය වෙත රැගෙන ගොස් තිබුණා.

මේ අතර, ජලාශයට පැන දිවි හානි කර ගැනීමට තැත් කළ 22 හැවිරිදි තරුණිය තවදුරටත් ලිදුල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මිය ගිය තරුණයාගේ මව සිංහල කාන්තාවක වන අතර පියා මුස්ලිම් ජාතියෙක්.

දෙමළ කතෝලික ආගම අදහන දෙමළ ජාතික තරුණියක සමඟ විවාහ වුණු ඔහු තම දරුවන් දෙදෙනා ද අධ්‍යාපනය සඳහා ඇතුළත් කර තිබුණේ සිංහල බෞද්ධ පාසල් වලටයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 1ට සිදුකෙරෙන අතර, ආගමික වතාවත් දහවල් සිංහල - බෞද්ධ සිරිත්වලට අනුකූලව ඉටු කෙරුණා.

එම තරුණයා පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, මුස්ලිම් භක්තිකයෙකු ලෙස ඡන්ම ලාභය ලබා ද්‍රවිඩ කාන්තාවක සමඟ විවාහ වී බෞද්ධ මුහුණුවරකින් ජීවන ගමන ගත කර යහපත් පුරවැසියෙකු ලෙස මෙම තරුණයා හැදින්විය හැකි බවයි.



අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More