ගත වූ පැය විසි හතරේ චීනයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැහැ

Saturday, 23 May 2020 - 11:25

%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ගත වූ පැය 24 තුළ දී චීනයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 53 ලක්ෂ 6235ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 40,000 ඉක්මා තිබෙනවා.

ඇමරිකාවේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 ලක්ෂ 45,000 දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වුණා.

මේ අතර, කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යාමට තායිලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර වෛරස ව්‍යාප්තිය පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි තත්ත්වය දීර්ඝ කිරීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.


හම්බෙගමුවේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ
Friday, 29 May 2020 - 9:26

හම්බෙගමුව - කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More