දිවයින පුරා මාර්ග බාධක 900ක් හෙට සහ අනිද්දා

Saturday, 23 May 2020 - 12:40

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+900%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙට සහ අනිද්දා දෙදින තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වෙමින්.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 541 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම කාලය තුල වාහන සංඛ්‍යාව 138ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි. ඒ අනුව ඇඳිරි නීතිය පනවනු ලැබූ මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 62,162ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 17,460ක්.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව 18,992කට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.


රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More