කොරෝනා වෛරසයට එරෙහි චීන එන්නතක, පළමු අත්හදා බැලීම සාර්ථක වෙයි

Saturday, 23 May 2020 - 12:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%2C+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මර්දනයට මිනිසුන් යොදාගෙන අත්හදා බැලූ එන්නතක් පළමුවරට ක්‍රම ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙමින් පවතින බව චීනයේ සුප්‍රසිද්ධ ලැන්සෙට් සඟරාව වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පුද්ගලයින් 108 දෙනෙකු යොදාගෙන දින 14ක් පුරා සිදුකළ අදාළ පර්යේෂණයේ පළමු අදියරේ අත්හදා බැලීම්වලදී එය සාර්ථක ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

පළමු අදියරේ පර්යේෂණ කටයුතු අවසන් වී දින 28ක් ගත වන තුරුම ඉන් අහිතකර ප්‍රතිඵල වාර්තා වී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

එහි බලපෑමෙන් ප්‍රතිදේහ නිෂ්පාදනය වී තිබූ අතර, කොරෝනා වෛරසයට එරෙහිව ස්ථිර එන්නතක් හඳුන්වා දීමට යන ගමනේදී මෙය වැදගත් සන්ධිස්ථානයක් ලෙසටයි පර්යේෂකයින් හඳුන්වන්නේ.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිලි කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න කියා සිටියේ මෙය සාධනීය පියවරක් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය මේ වන විට පාලනය කර ඇතත්, වෛරසය රට තුළ යළි හිස එසවීමේ අවදානම පහව ගොස් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියා.

මෙරට කොරෝනා ආසාදිතයින් තවදුරටත් 1068 දෙනෙකු ලෙස වාර්තා වන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 620ක්.

 එසේම, තවත් 439 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.


අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 143ක් අත්අඩංගුවට
Friday, 29 May 2020 - 8:09

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More