ජාතික ආරක්ෂාව ගැන වගකීම උපරිමයෙන් ඉටු කරනවා - ජනපති

Saturday, 23 May 2020 - 12:55

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ සඳහා දක්ෂ, හැකියාව සහිත නිලධාරීන් පත් කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

සියළු අන්තවාදී සහ ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගනිමින් ජනාධිපතිවරයා කරන මෙහෙවර ප්‍රශංසනීය බවයි.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

මේ අතර, නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කරන බව ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියා.


හම්බෙගමුවේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ
Friday, 29 May 2020 - 9:26

හම්බෙගමුව - කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ගැන සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත කියූ කතාව (වීඩියෝ)
Friday, 29 May 2020 - 8:36

කිසිවෙකු නොදත් කතාවක් හෙළිකරමින් අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්... Read More

රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා
Friday, 29 May 2020 - 8:16

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට... Read More