දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයාමේ අනතුරු ඇගවීම්

Saturday, 23 May 2020 - 17:24

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 36 සඳහා අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක හෙට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 4කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 2.30 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙම අවදානම බලපැවැත්වෙනු ඇති.


පෙරහුරු මැතිවරණයට සියල්ල සූදානම්
Sunday, 07 June 2020 - 10:15

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More

දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරුට
Sunday, 07 June 2020 - 9:26

මොණරාගල බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු... Read More

PCR පරීක්ෂණ 75,239ක්
Sunday, 07 June 2020 - 9:12

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්.... Read More