ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1085ක් වෙයි (වීඩියෝ)

Saturday, 23 May 2020 - 17:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1085%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණ 1085ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 17ක්.

අද වාර්තාවූ ආසාදිතයන් 17 දෙනාගෙන් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

ඔවුන්ගෙන් 10 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සහ 5 දෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

අනෙක් ආසාදිතයන් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1970ක් සිදුකර ඇති අතර ඉන් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනාගත් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 416 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 40 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වැලිසර නාවික රෝහලේ විසි දෙදෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 8 දෙනෙකු, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ 6 දෙනෙකු,වැලිකන්ද මූලික රෝහලේ 3 දෙනෙකු සහ ඉරණවිල රෝහලේ එක් අයෙකු මෙලෙස පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව, මෙරටදී වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 660 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාස දෙකක් තිස්සේ කුවේට් තානාපති කාර්යාලයේ රැඳී සිටින එරට ගෘහසේවය සඳහා ගොස් සිටින කාන්තාවන් පිරිසක් තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුවේට් තානාපති කාර්යාලයේ සිටින තම කණ්ඩායම විවිධ අපහසුතාවයන්ට මුහුණදෙන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද ඩකා නුවර බලා පිටත්ව ගියා.

එසේම, අද පස්වරුවේ සීෂෙල්ස් ජාතිකයින් 35 දෙනෙකු දිවයිනට පැමිණි අතර, ඔවුන් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.



මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More

ගල්කිස්සේ වැලිපෝෂක ව්‍යාපෘතියට පරිසර සංවිධානයකින් නඩු
Sunday, 07 June 2020 - 12:37

ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලිපෝෂක ව්‍යාපෘතිය... Read More

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More