අයහපත් කාලගුණය නිසා ඉන්දුනීසියාවට ගොස් යළි පැමිණෙමින් සිටින මෙරට ධීවර යාත්‍රාවලට සමුදුර නෞකාවෙන් ඉන්ධන

Saturday, 23 May 2020 - 18:49

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1
අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය මත ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබූ මෙරට ධීවර යාත්‍රා වෙත අවශ්‍ය ඉන්ධන ලබාදීමට නාවික හමුදාවේ සමුදුර නෞකාව කටයුතු කර තිබෙනවා.

අදාළ ධීවර යාත්‍රා 30කට වැඩි ප්‍රමාණය මේවන විට සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළඟාවෙමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පැමිණෙමින් සිටින බහුදින ධීවර යාත්‍රා කිහිපයක ඉන්ධන අවසන් වීම හේතුවෙන් ගොඩබිම සිට මුහුදු සැතපුම් 450ක පමණ දුරකදීයි අවශ්‍ය ඉන්ධන ලබාදී ඇත්තේ.

සදෙව්මි 04, සානු පුතා 01, මදුසංක 01, සයුරි 06, රන්පුතා 09 සහ සප්නා 08 යන යාත්‍රා සඳහා සමුදුර නෞකාව විසින් අද මෙලෙස ඉන්ධන ලබාදී තිබෙනවා.

මෙම බහුදින යාත්‍රා වෙත අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින අතර යාත්‍රා සහ ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

මෙම යාත්‍රාවල ධීවරයන් 180 දෙනෙකු පමණ සිටින බව සඳහන්.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Sunday, 07 June 2020 - 11:24

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More