සහල් සොයා පාරිභෝගික අධිකාරිය පොලොන්නරුවට (වීඩියෝ)

Saturday, 23 May 2020 - 19:42

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වී තොග සඟවා ගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට වෙළඳ නියෝජිතයින් සහ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිලිබඳව සොයා බැලීම සඳහා අද පොලොන්නරුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මේ බව ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය අඩු වීමෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව මේ දිනවල සහල් මිලදී ගැනීම සඳහා පැමිණිය ද බොහෝ වෙළඳසැල්වල සහල් හිඟයක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

වෙළද නියෝජිතවරුන්ගෙන් විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ රජයේ සහතික කළ මිලට තමන්ට සහල් අලෙවි කිරීමට නොහැකි බවයි.

මෙම ගැටලූව පිළිබඳව සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයටම ගොස් වෙළඳ ව්‍යාපාරිකයන් හමුවීමේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩපිලිවෙල යටතේ ඔවුන් අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් ව්‍යාපාරිකයන් හමුවුණා.

එහිදී පොළොන්නරුව - ඇතුමල්පිටියේ පිහිටි සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේනට අයත් මහා පරිමාණ සහල් මෝලට පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ඔහු සමග සාකච්ඡාවක නිරත වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිාකරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක සඳහන් කළේ වී තොග සඟවාගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.



පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් 10 වනදා කොළඹට
Sunday, 07 June 2020 - 12:28

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයට තරග වදින... Read More

සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More