නැගෙනහිර පුරාවස්තු ආරක්ෂාවට ජනපති කාර්ය සාධක බලකායක් පත් කිරීම ගැන මහා සංඝරත්නයේ ප්‍රසාදය (වීඩියෝ)

Saturday, 23 May 2020 - 20:36

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ලක්වාසී සමස්ත බෞද්ධයන්ගේ ගෞරවය හිමිවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ බෞද්ධ උපදේශන සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අදහස් පළකරමින්.

පසුගිය දිනවල පොතුවිල් මුහුදු මහා විහාරය සතු ඉඩම්, ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම හිරු සී.අයි.ඒ. හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග ඒ පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වහා පියවර ගෙන තිබුණා.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාර පුද බිමේ ඉඩම් ආක්‍රමණය සිදුවුයේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ද නොමද සහයෝගය මතයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද හිරු සී.අයි.ඒ. අවස්ථා ගණනාවකදී මේ ඉඩම් ආක්‍රමණ සිදුවන අවස්ථාවේම පෙන්වා දුන්න ද එකල රජයේ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ක්‍රමිකව නිහඩ වු ඉඩම් ආක්‍රමණිකයින් යළි කරලියට පැමිනෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මකවීමත් සමගයි.

ඉඩම් ආක්‍රමණිකයන් කොතරම් බලපෑම් එල්ල කළ ද බාධාකිරීම් මධ්‍යයේ හිරු සී.අයි.ඒ. මෙම අනවසර ඉඩම් කොල්ලය රටට හෙළි කළා.

අපගේ එම අනාවරණයත් සමග රට පුරා මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය පිළිබද විශාල කතාබහක් මතුවූ අතර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා යුද හමුදාපතිල නාවික හමුදාපති, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිස් සමග වහා නැගෙනහිර පළාතේ සංචාරයකද නිරත වුණා.

ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයෙන් අනතුරුව මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සදහා නාවික හමුදා උප අනුකණ්ඩයක් ද පිහිටුවීමට පියවර ගැනුනා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ පුරා වස්තු ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බව ඊයේ රැස් වු බෞද්ධ උපදේශක සභාවේදී ප්‍රකාශ කළා.

නැගෙනහිර පළාතේ පුරා වස්තු ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අදහස් පළකළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More