ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)

Sunday, 24 May 2020 - 10:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A++%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක් වාර්තාවනවා.

එය ඉන්දියාවෙන් 6,000කට වැඩි ආසාදිතයන් වාර්තාවූ අඛන්ඩ තුන්වන දිනය මෙන්ම මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 131,868 දක්වා ඉහළ යනවා.

එමෙන්ම ඉන්දියාවෙන් කොරෝනා වෛරස් මරණ 3,867ක් ද වාර්තාවන්නේ ඊයේ දිනය තුළ සිදුවූ මරණ 147ක් සමඟයි.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,400,000 ඉක්මවන අතර, මරණ සංඛ්‍යාව 343,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 343,000කට අධිකයි.

වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 1,666,000ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 98,600 කට අධිකයි.

බ්‍රසීලයේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද 349,000 ඉක්මවා ඇති අතර, එය ලොව දෙවනුව වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

රුසියාවෙන් ආසාදිතයන් තුන්ලක්ෂ 35,000ක් වාර්තාවනවා.

ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් එනම් 36,675ක් වාර්තාවන්නේ බ්‍රිතාන්‍යයෙන්.

මේ අතර රෙම්ඩෙසිවිර් වෛරස්නාශක ඖෂධය කොරෝනා වෛරස් රෝගීන්ගේ සුවවීමේ කාලය ඉක්මන් කර ඇති බව තවත් අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එම පර්යේෂණය සිදුකර ඇත්තේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ඇමරිකානු ජාතික ආයතනය මගින්.

ඇමරිකා එක්සත් ජනපදය එරට රෝහල්වල කොරෝනා වෛරස් රෝගීන්ට රෙම්ඩෙසිවිර් ඖෂධය හදිසි අවස්ථා සඳහා ලබාදීම පසුගිය 1වනදා සිට අනුමත කරනු ලැබූ අතර, ජපානයද ඒ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

ඖෂධයේ ප්‍රතිඵල සතුටුදායක වීම නිසා යුරෝපයද එම ඖෂධය භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories