ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට

Sunday, 24 May 2020 - 13:14

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී දූෂණ නඩු විභාගයකට මුහුණදෙනවා.

ඊශ්‍රායලයේ අගමැතිවරයෙකු බලයේ සිටියදී මෙලෙස අධිකරණය හමුවට පමුණුවන ප්‍රථම අවස්ථාව මෙයයි.

අගමැති නෙතන්යාහුට එරෙහිව අල්ලස්, දූෂණ සහ විශ්වාසය කඩකිරීමේ චෝදනා එල්ලවී ඇති අතර, ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

70 හැවිරිදි ඊශ්‍රායල අගමැතිවරයා මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලබන්නේ ඔහු නැවතත් ජාතික එකමුතු රජයක් මගින් බලයට පත්වීමත් සමඟයි.

1996 වසරේ සිට 99 වසර දක්වා මුලින්ම අගමැති ධුරය හෙබවූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, 2009 වසරේ සිට අඛන්ඩව ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයායි.

එමෙන්ම  ඔහු ඊශ්‍රායලය දීර්ඝතම කාලයක් පාලනය කළ රාජ්‍ය නායකයාද වනවා.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More