ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට

Sunday, 24 May 2020 - 13:14

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී දූෂණ නඩු විභාගයකට මුහුණදෙනවා.

ඊශ්‍රායලයේ අගමැතිවරයෙකු බලයේ සිටියදී මෙලෙස අධිකරණය හමුවට පමුණුවන ප්‍රථම අවස්ථාව මෙයයි.

අගමැති නෙතන්යාහුට එරෙහිව අල්ලස්, දූෂණ සහ විශ්වාසය කඩකිරීමේ චෝදනා එල්ලවී ඇති අතර, ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

70 හැවිරිදි ඊශ්‍රායල අගමැතිවරයා මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලබන්නේ ඔහු නැවතත් ජාතික එකමුතු රජයක් මගින් බලයට පත්වීමත් සමඟයි.

1996 වසරේ සිට 99 වසර දක්වා මුලින්ම අගමැති ධුරය හෙබවූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, 2009 වසරේ සිට අඛන්ඩව ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයායි.

එමෙන්ම  ඔහු ඊශ්‍රායලය දීර්ඝතම කාලයක් පාලනය කළ රාජ්‍ය නායකයාද වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories