ගල්කොරියක, දියවැලක් තුළ අවසන් සුසුම් හෙලූ නව හැවිරිදි පාසල් සිසුවා

Sunday, 24 May 2020 - 18:52

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%96+%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F
ගල් කොරියක තිබූ දිය වළකට වැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

වවුනියාව, සිදම්බරපුරම්, කට්කුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස පවත්වා ගෙන යන ගල් කොරියක තිබූ ජලය පිරුණු වළකට ඇද වැටී පාසල් සිසුවෙක් අද (24) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු නවයක පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සිසුවා අද (24) දහවල් දිය නෑමට ගිය අවස්ථාවේදී ගල්වලේ ඉහළ කොටසින් ලිස්සා පහළ තිබූ ගැඹුරු දිය වළකට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

දිය වළට වැටුණු සිසුවා ඉන් ගොඩගෙන වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories