කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා සිට - දුම්රියෙන් යන්න මගීන් 16,000ක් අවසර ඉල්ලයි (වීඩියෝ)

Sunday, 24 May 2020 - 18:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%2C+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+16%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල, අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර, ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අද එම කොමිසමේදී පැවති සාකච්ඡාවකදියි. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇති. බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර, එය අවසන් වන්නේ  පස්වරු හයටයි.

මෙහිදී ගාස්තු අයකළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් වන අතර,  ගමනාන්තය ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.

එමෙන්ම බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාලසීමාව ජූනි 30 දක්වා දීර්ඝ කිරීමටද ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

සාකච්ඡාවේදී එළඹුණු තීරණ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කරුණු පැහැදිලි කළා.

 

·        මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීම,

·        නුවර මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය නිට්ටඹුවට සීමා කිරීම,

·        කොළඹ 5 මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කිරීම සහ

·        ගාලූ පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරිම,

·        අවිස්සාවේල්ල හරහා කොළඹ, හයිලෙවල් හා ලෝ ලෙවල් මාර්ගයේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කිරීම,

·        අනුරාධපුර - පුත්තලම සහ කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කිරීම ද වනවා.

     
මේ අතර, අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් සංගම් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියේ ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ධාවන කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමේ හැකියාවක් බවයි.

එමෙන්ම, ඉදිරි දිනවලදී දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගීන් 16,600කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එළඹෙන අඟහරුවාදා සිට ධාවනය සඳහා දුම්රිය 29ක් ද සූදානම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ කලින් අවසර ලබාගත් මගීන්ට මූලිකත්වය ලබාදෙමින් දුම්රිය ගමනාගමන කටයුතු සිදුකරන බවයි.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට දිනයේත් එලෙසම පවතින අතර, අනිද්දා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කද ඇතුළුව මුළු දිවයිනේම ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලූයම 4 දක්වා පමණයි.  






උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More