කොවිඩ් 19 අභියෝගය හමුවේ එකම විකල්පය රට ගොඩනැගීමයි - අගමැති (වීඩියෝ)

Sunday, 24 May 2020 - 19:08

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයේ බලපෑමත් සමඟ සියළුම ශ්‍රී ලාංකිකයන්ට අද ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ ශ්‍රී ලංකාව ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කරනවා.

‘‘යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩි නයින්ටීන් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව’’ යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිදුව ඇති විපතෙන් ගොඩඒමට එකාවන්ව කටයුතු නොකළහොත් රටේ අනාගතය අතිශයෙන් අඳුරු විය හැකි බවයි.

2014 වසරේ ආසියාවේ සීග්‍රතම සංවර්ධනයක් ලැබූ ශ්‍රී ලංකාව 2010 - 2014 කාලය තුළ සියයට 7.4ක ඉහළ ආර්ථික වර්ධනයක් සලකුණු කළා.

කොටස් වෙළඳපොළේ වර්ධනය මෙන්ම ඒකපුද්ගල ආදායම ද එම කාලය තුළ තුන් ගුණයකින් ඉහළ ගියා. එහෙත් 2015 වසරේ සිට ආර්ථික වර්ධනය ක්‍රමානුකූලව අඩු වී 2019 වන විට සියයට 2.3ක් තරම් පහත් අගයක් ගත්තා.

යහපාලන ආණ්ඩුව විවිධ මූල්‍ය මෙවලම් මගින් ඩොලර් බිලියන 26ක විදේශ ණය ද ලබා ගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්.

යහපාලන ආණ්ඩුව යටතේ මෙරට ආර්ථිකය දරුණු ලෙස බිඳ වැටීමට බාහිර හේතුවක් නොවූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයක් වුවද කොවිඞ් නයින්ටීන් වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන්නේ එවැනි නායකත්වයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories