ඊයේ දිනට පමණක් කොවිඩ් ආසාදිතයින් 52ක් මෙරටින් වාර්තා වෙයි

Monday, 25 May 2020 - 6:58

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+52%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊයේ (24) දිනට පමණක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 52 මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141ක්.

ඊයේ (24) වාර්තා වූ ආසාදිතයින් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ද සිටින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 458ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674ක්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 14 දෙනෙකු ඊයේ (24) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories