ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි

Monday, 25 May 2020 - 8:32

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+2%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් තලේබාන් සිරකරුවන් රැසක් නිදහස් කිරීමට ඇෆ්ගනිස්ථාන රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති අෂ්රෆ් ඝානි සඳහන් කළේ තලේබාන් සිරකරුවන් 2,000 ක් දක්වා නිදහස් කිරීමේ ක්‍රියාවලිය ඊයේ ආරම්භ වූ බවයි.

සුහදත්වය පළ කිරීමේ එම පියවර මගින් සාම ක්‍රියාවලියේ සාර්ථකත්වය සහතික කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර මීට පෙර පැවති සාම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමුවූ කරුණක් වන්නේ තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමයි.

තලේබාන් සංවිධානය පසුගිය පෙබරවාරියේදී ඇමරිකා එක්සත් ජනපදය සමගද සාමගිවිසුමකට එළඹුනු අතර, ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා මාස 14 ක කාලයක් තුළ ඉවත් කරගැනීමට නියමිතයි.

ඇමරිකාව එලෙස තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමකට එළඹුණේ වසර 18ක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇමරිකාවේ ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමේ අරමුණින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories