සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට සිට විවෘත කිරීමට අවසර (වීඩියෝ)

Monday, 25 May 2020 - 12:54

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්, භෝජනාගාර සහ අවන්හල් හෙට (26) සිට යළි විවෘත කිරීමට අවස්ථාව හිමිවන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව මේවා විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කළද දිවයින පුරා කායවර්ධන මධ්‍යස්ථාන, සතිපොළ, පදික වෙළඳාම ඇතුලු ක්‍ෂේත්‍රවලට අවසර ලබා නොදෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

හෙට (26) අලුයම පහේ සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුලු මුළු දිවයිනටම ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කිරීමට නියමිතයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ දින 66 කට පසුව වන අතර, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට හෙට අලුයම පහට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යළි රාත්‍රි 10 සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අනිද්දා සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම හතර දක්වායි.

හිරු ටී වී ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සඳහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන කාලසීමාව තුළ ජනතාව ස්වයං පාලනයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

ඊට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ හෙට සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහනය සඳහා  අවසර හිමිවන බවයි.

පසුගිය සති කිහිපයට සාපේක්ෂව  වැඩි පිරිසක් රාජ්‍ය සේවයට හෙට දිනයේ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ  සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් හා නිර්නායක අනුව අත්‍යවශ්‍යම සේවක  පිරිසක් යොදාගනිමින් රාජ්‍ය ආයතනවල කටයුතු සිදුකරන බවයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් හා නිර්ණායක මත පෞද්ගලික ආයතනවල කටයුතුද හෙට සිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා සේව්‍ය සංගමය ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණද මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම කුලී රථවලින් තවදුරටත් ප්‍රවාහනය කළ හැක්කේ මගීන් දෙදෙනෙකු පමණක් වන අතර, අවන්හල් සහ සිනමාශාලා තවදුරටත් වසා තැබෙනු ඇති.

එමෙන්ම මීටරයක සමාජ දුරස්ථභාවය තබාගැනීම මෙන්ම සුපිරි වෙළඳ සැල් තුළට සීමිත පාරිභෝගිකයන් පිරිසක් පමණක් ඇතුළත් කරගැනීම සිදුකළ යුතුවනවා.



උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More

රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More