ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 55 පනී, බ්‍රසීලයේ සිට පැමිණෙන්නන්ට ඇමරිකාවෙන් තහංචි

Monday, 25 May 2020 - 13:13

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+55+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92
බ්‍රසීලයේ සිට පැමිණෙන තම පුරවැසියන්ට හැර අනෙකුත් පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

ඒ බ්‍රසීලය මේ වනවිට කොරෝනා වෛරස් ව්‍යාප්තියේ දෙවන ස්ථානයට පත්ව තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඇමරිකාවේ කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ආසන්න වී තිබියදී එරට සියලු ප්‍රාන්ත වල සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ඇමරිකාවේ වාර්තාවන කොරෝනා වෛරස් අසාදිතයින් සංඛ්‍යාව දහසය ලක්ෂ 86,436 ක් වන අතර මරණ වාර්තා වන්නේ 99,300 ක් ලෙසයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ දෙවන රට වන බ්‍රසීලයේ රෝගින් තුන් ලක්ෂ 65,213 වාර්තා වනවා.

එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 22,746 ක්.

මීට පෙර වෛරසයේ වේගවත්ම ව්‍යාප්තිය සිදු වු ඉතාලියේ සහ ප්‍රංශයේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කරනවා.

ඉතාලියේ වෛරස් ආසාදිතයින් දෙලක්ෂ 29,858 ක් වන අතර, ප්‍රංශයේ ආසාදිතයින් වාර්තා වන්නේ එක් ලක්ෂ 82,584 ලෙසයි.

අද දිනයේ ගෙවුණු පැය කිහිපය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් මිය ගිය වැඩිම සංඛ්‍යාව වන 215 ක් වාර්තා වන්නේ මෙක්සිකොවෙන්.

ඒ අනුව එරට සිදු ව ඇති මුළු මරණ සංඛ්‍යාව 7394 ක් වන අතර, එරට ආසාදිතයින් 68,620 ක් වාර්තා වනවා.

මේවන විට ලොව රටවල් 215 පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ආසාදිත වු සංඛ්‍යාව 55 ලක්ෂය ඉක්මවා තිබෙන අතර මරණ වාර්තා වන්නේ 3 ලක්ෂ 46,761 ක් ලෙසයි.

සුවය ලැබු සංඛ්‍යාව 23 ලක්ෂ 2469 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More