කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා - නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට

Monday, 25 May 2020 - 13:21

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%2C+49+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+313+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ (24)  දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගත් කුවේට් හි සිට පැමිණි 49 දෙනාට මෙරටට පැමිණෙන විටත් එම වෛරසය ආසාදනය වී සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණවල විධිමත් භාවය හේතුවෙන් එය හඳුනා ගැනීමට පහසුවූ බවයි.

ඊයේ (26) දිනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 52 දෙනෙකු හමුවූ අතර, කුවේට්හි සිට පැමිණි 49 දෙනා ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක්.

එමෙන්ම, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු, නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ වාර්තා වූ රෝගීන් අතරට අයත්.

මේ දක්වා විදේශ රටවල සිට පුද්ගලයින් 5,485 දෙනෙකු දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, පසුගිය 19 වනදා කුවේට් සිට පුද්ගලයින් 462 කු මෙරටට පැමිණ තිබෙනවා.

එසේම ඩුබායි හි සිට 197 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකුට කොරෝනා වෛරසය පැමිණෙන විටත් වැළඳී තිබූ බවට තහවුරු වුණා.

දැනට නිරෝධායන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 4522 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර, නිරෝධායන කාලසීමාව අවසන් කළ 62 දෙනෙකු අද දිනයේ යුද හමුදාවට අයත් මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි.

එමෙන්ම, මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 10,732 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 1141 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පුද්ගලයින් 674 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම, සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුද්ගලයින් 458 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

මෙවැනි තත්ත්වයක් තුළ රට යථාවත් කිරීම ආරම්භ වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් දැඩිව පිළිපදින ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර  නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදි හෙට පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් අතර මෙම සාකච්ඡාව හෙට (26) පෙරවරු 10.30 ට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහිදී නැවත පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත සැළැස්මක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතයි.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More