එළවළු මිල පාලනයට පොලීසියත්

Monday, 25 May 2020 - 13:38

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A
අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට සහාය ලබාදීමට පොලීසිය වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොල සහ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල ගණන් පිළිබඳව ලබාගන්නා තොරතුරු දෛනිකව සියලු පොලිස් ස්ථාන වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවයිි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

එම මිල ගණන්වලට අනුව අදාළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි වෙළඳසැල්වල සාධාරණ මිලකට එළවළු අලෙවි කිරීම සිදුවන්නේදැයි සොයාබැලෙනු ඇති.