ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට

Monday, 25 May 2020 - 20:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+10+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 139,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, මරණ 154 ක් ද ඊයේ වාර්තා වීමත් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවූවා.

ඒ අනුව, ඉන්දියාව ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රටවල් 10 අතරට ගැනෙනවා.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 5500000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 346,774 ක්.

එයින් කොරෝනා මරණ 99,300ක්ම වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එමෙන්ම, ඇමරිකාව බ්‍රසීලයේ සිට පැමිණෙන විදේශිකයන්ට තම රට තුළට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, බ්‍රසීලය, ඇමරිකාවට පසු ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සහිත රට බවට පත්වී දින 2කින් අනතුරුවයි.

මේ අතර, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලොව තුන් වන විශාලතම ආර්ථිකය වන ජපානය පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කරන බව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද නිවේදනය කළා.

මැදපෙරදිග කලාපයේ ද කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, සෞදි අරාබියේ ආසාදිතයන් 72,560ක් සහ කටාරයේ ආසාදිතයන් 45,465ක් වාර්තා වනවා.

කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

සාජා, ඩුබායි සහ අබුඩාබි ඇතුළත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද කොරෝනා වෛරස් ආසාදිතයන් 29,485ක් වාර්තා වනවා.


අද සිට පාසල් යන ළමුන්, පාසලේ දී මුඛ ආවරණ පැළඳීම නිර්දේශිත ද ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි (වීඩියෝ)
Monday, 06 July 2020 - 9:04

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක්... Read More

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More