ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

Tuesday, 26 May 2020 - 6:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මෙම ඉල්ලීම කර තිබෙනවා.

අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරුනා.

ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ.

ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද (26) දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories