අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි

Tuesday, 26 May 2020 - 9:36

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ විදුලි උපකරණ අලෙවිසැලක අද අලුයම 1.30ට පමණ හට ගත් ගින්න අවට වෙළඳසැල් දෙකකට ද පැතිරී ඇති බවයි.

අම්බලන්ගොඩ පොලීසිය, ගාල්ල ගිනි නිවන ඒකකය, දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ගිනි නිවන රථ සහ අම්බලන්ගොඩ නගර සභාවේ ජල බවුසර යොදා ගනිමින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories