බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය ඉදිරියේදී නීතියක් වෙයි

Tuesday, 26 May 2020 - 10:24

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ පස්වරුවේ රත්මලාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක අසුන් ගෙන ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවයි.

පසුගිය කාලසීමාවේදී මගීන්ගේ අයිතිය තහවුරු කිරීමට කිසිදු රජයක් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේදී මෙය නීතියක් බවට පත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories