දෙවන කොරෝනා රැල්ලක් ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

Tuesday, 26 May 2020 - 10:27

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කඩිනමින් ඉවත් කළහොත් ඒවායේ දෙවැනි කොරෝනා රැල්ලක් වහා ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝකය තවමත් පවතින්නේ පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැදභාගයේයි.

බොහෝ රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුන ද, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ තවමත් වෛරසය තවදුරටත් පැතිරෙමින් පවතිනවා.

වසංගත රෝග බොහෝ විට තරංග ආකාරයෙන් පැතිරිය හැකියි.

ඒ අනුව, පළමු රැල්ල හීනවෙමින් පවතින රටවල මේ වසර අවසානයේ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, ජිනිවා නුවර සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

වෛරසය පැතිරී හීන වූ රටවල තරංග ආකාරයෙන් විවිධ කාල විරාමයන්හිදී කොරෝනා වසංගතය යළි මතුවීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් සිය ආර්ථිකයන්ට සිදුව ඇති හානිය අවම කරලීමේ පියවරක් ලෙස යුරෝපා රටවල් රැසක් සහ ඇමරිකාව සිය රටවල ක්‍රියාත්මක වූ දැඩි නිරෝධායන ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට පසුගිය කාලය තුළ පියවර ගනු ලැබුවා.

ඒ අනුව, ස්පාඤ්ඤය ලබන ජූලි පළවනදා සිට තම රටට පැමිණෙන විදේශිකයන් දින 14ක නිරෝධායනයට ලක් කිරීමේ පියවර නතර කිරීමට නියමිතයි.

පසුගිය සතිය තුළ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වුව ද ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 82,000 ඉක්මවන අතර එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 26,837ක්.


එකවර වැඩිවුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙන්න
Sunday, 12 July 2020 - 16:03

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළටමෙරට කොවිඩ්... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More