ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)

Tuesday, 26 May 2020 - 22:37

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති මහින්ද තලංගම රෝහලට පැමිණ තිබෙනවා.



ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභවප්‍රාප්ත වූවා.

මියයන විට ඔහු පසුවූයේ 55 හැවිරිදි වියේයි.

මෙරට කඳුරට දේශපාලන භූමියේ ප්‍රතාවත් යෝධයෙකු වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙරට දේශපාලනයේ අත්පොත් තබන්නේ 1994 පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින්.

එවකට 30 හැවිරිදි වියේ පසු වූ  ආරුමුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවර එළිය දිස්ත්‍රිත්කය ජයග්‍රහණය කරන්නේ මනාප ඡන්ද 75297 ක් ලබා ගනිමින්.

එතැන් පටන් කඳුකර දේශපාලන පොර පිටියේ සිය අණසක පතුරවන තොණ්ඩමන් මහතා මිය යන තෙක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

වසර 26 ක් දික් වූ ඔහුගේ පාර්ලිමේන්තු නියෝජන කාලය තුළ ඔහු අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍ය 1 ධූර කිහිපයක්ම හොබවනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටවූ නව ආණ්ඩුවේ ඔහුට හිමිව තිබුණේ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඔහු අද පෙරවරුවේ මෙරට නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා හමු වූ අතර අද සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුණ ගැසී තිබෙනවා.

සිය නිවසේ සිටියදී හෘදයාබාධයකට ලක් වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුලත් කෙරුණේ තලංගම ප්‍රාදේශිය රෝහලටයි.

අමාත්‍යවරයා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මේ වන විටත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් ඇතුලු දේශපාලන සගයින් රැසක් රෝහලට පැමිණ සිටිනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More