පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් කැදවීම 7 වන දිනටත් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 8:04

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8+7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් 7වන දිනටත් අද යළි සලකා බැලෙනවා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

අද පෙරවරු 10 ට පෙත්සම් සළකා බැලීම ආරම්භවීමට නියමිතයි.

ඊයේ පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීම සිදුකෙරුණා.

ඒ වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මාර්තු 02 වැනිදා රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා ජනාධිපතිවරයා රටේ ජනතාවගේ හෝ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය කර නොමැති බවයි.

එලෙස විසුරුවා හැරීමෙන් පසු මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය පාර්ලිමේන්තුවකට නැවත පණ දීම ජනාධිපතිවරයාට වුවද කළ හැක්කේ සුවිශේෂී කරුණු මත බව එහිදී ඇය පෙන්වා දුන්නා.

එසේම පෙත්සම්කරුවන් අප්‍රේල් 25 වැනිදාට නියම කර තිබූ මහ මැතිවරණය කල් දමමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කර නොමැත්තේ, මැතිවරණය කල් දැමීම ඔවුන්ගේ එකම අභිප්‍රාය නිසා බවයි නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories