ඇමැති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වනදා (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 11:04

%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+31+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පවසා තිබෙනවා.

මෙම මස (26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අභවප්‍රාප්ත වී තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යයමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත්වුනා.

අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබා, (28) දින පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර, පසුව දේහය කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමටයි අවමංගල කමිටුව තිරණය කර තිබෙන්නේ.

මෙම මස 29 දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් එදින එහි තැන්පත් කර තබා, 30 දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යනු ඇති.

31 දින ආරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු රාජ්‍යය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය පවසන්නේ.



ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More

එජාපය ජනමතය ඉල්ලන්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලාගැනීමටයි - අගමැති
Monday, 06 July 2020 - 8:02

සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය... Read More

මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More