කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 11:21

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-19+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+344+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 12 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

ඊයේ දිනයේ අවසන් වරට හමුවූ කොරෝනා ආසාදිතයන් දෙදෙනා ද නාවික හමුදා සාමාජිකයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 137 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර අනෙත් 127 දෙනා කුවේටයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කර සිටි පිරිස් බවයි වසංගත රෝග විද්‍යා අංශ්‍යය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 1319ක් වාර්තා වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 732ක්.

කුවේටයේ සිට මෙරටට පැමිණි 466 දෙනා ත්‍රිකුණාමලය සහ මින්නේරිය යන නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටිනවා.

ඔවුන් සියළු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.

හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමී අවදානම වැළැක්වීම සඳහා එය අත්‍යාවශ්‍ය කරුණක් බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories