ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 11:58

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද දිනය තුල බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුකුළේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි අගය මිලිමීටර් 260ක්.

කොස්ගම - සාලාව ප්‍රදේශයට මිලිමීටර් 188ක සහ ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 186ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කලවාන ඇතුළු ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ ද වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අඛණ්ඩව වැසි ඇද හැලුණහොත් කැළණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලුඔය පහළ නිම්නවල ජීවත් වන ජනතාව ගං වතුර තත්ත්වයන් පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories