බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට

Wednesday, 27 May 2020 - 13:20

%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින්, ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 21 කින් ඉහළ ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ. එසේම අර්තාපල් සහ ලොකු ළුෑණු කිලෝවක මිලද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට අර්තාපල් මේ වනවිට වෙළඳපොළට ලැබී තිබීමත්, ඉන්දියාවෙන් ලොකුළුෑණු තොග විශාල වශයෙන් මෙරටට ආනයනය කර තිබීමත් හේතුවෙන් බදු ඉහළ නැංවීම අර්තාපල් සහ ලොකු ළුෑණු මිලට විශාල බලපෑමක් කර නොමැති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ.

පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ වර්ග රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජය විසින් සංශෝධනය කරනු ලැබුවේ දේශීය නිෂ්පාදනකරුවන් දිරිමත් කිරීමේ අරමුණින්.

ඒ අනුව ආනයනික රතු ළුෑණු සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින්, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 3 කින් සහ සැමන් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 කින් ඉහළ නංවනු ලැබුවා.

අප මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැමන්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් නිසා එහි මිල වැඩි කිරීමට පෙර පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබාගත යුතු බවයි.


මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More

රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More