තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි

Wednesday, 27 May 2020 - 13:46

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදනය වී රෝහල් ගතකිරීමෙන් පසු සුවය ලැබූ සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද පෙරවරු 10 න් අවසන් වූ පැය විසි හතර තුළ සුවය ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු පිටව යාමත් සමඟයි.

ඉන් 10 දෙනෙකු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් පිරිස මුල්ලේරියාව, මිනුවන්ගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූවන්.

මේ වනවිට විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 333 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ වනවිට කොරෝනා වෛසරය ආසාදනය වී දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 577 දෙනෙකු පමණයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories