නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 20:31

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට දිනය දක්වා කල් තැබුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද හත්වන දිනටත් සළකා බැලූනු අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා අද එම කරුණු දැක්වීම් අවසන් කළා.

අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත්වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ, මහාචාර්ය පණ්ඩුල ඇදගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා කරුණු දැක්වූවා.

ඔහු එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, මාර්තු 2 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි.

එම ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දින සිට මාස 3 ක් තුළ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන සළසා නොමැති බවයි.

එමෙන්ම විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියද එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කිසිදු අවසරයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා කියා සිටියේ මහ මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමට ස්වාධීනව තීන්දුවක් ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි.

එසේ තිබියදී මහ මැතිවරණය සඳහා දින නියම කිරීමට සහ මනාප අංක නිකුත් කිරීමේ කාර්යයට මැතිවරණ කොමිසම තවදුරටත් කාලය ඉල්ලා සිටීම විමතියට හේතුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එතුළින් මැතිවරණ කොමිසම හා පෙත්සම්කරුවන් එක්ව මහ මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබේද යන ගැටළුව මතුවන බව ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත්කරන කරුණුවල පරස්පරතා දක්නට ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වලින් ඉල්ලා ඇති පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ කෙලෙසදැයි ඔහු ප්‍රශ්න කළා.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලබන පාර්ලිමේන්තුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සුවිශේෂී අවස්ථාවන් වලදී හැර යළි කැඳවීමට හැකියාවක් නොමැති බවයි නීතීඥවරයා අවධාරණය කළේ.

අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් තැබුණු අතර, හෙට අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතයි.

මේ අතර කොවිඞ් 19 පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති සාමූහික පියවර පිළිබඳ පූර්ණ වාර්තා තුනක් නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ සහ අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බව ජනාධිපති අතිරේක ලේකම් නීති - අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළා.



පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More

සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක්... Read More