කොරෝනා ආසාදිතයන් 1,469 ක් දක්වා ඉහළට - ඊයේ වාර්තාගත රෝගීන් 150ක් (වීඩියෝ)

Thursday, 28 May 2020 - 6:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1%2C469+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+150%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආසාදිතයින් 150 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,469 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ සොයාගනු ලැබුවේ මෙරටින් දිනක් තුළ වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.

මෙම පිරිසෙන් 97 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වන අතර, අනෙනක් 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 691 ක්.

ආසාදිත නාවික හමුදා සාමාජිකයින්ගෙන් 344 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ 727 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 732 ක්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

අංශ 46 ක් ආවරණය කරමින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද සිට යළි විවෘත කෙරෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories