පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්

Thursday, 28 May 2020 - 7:54

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සාමාන්‍ය ජනතාවට ගමන් කළ හැකි ආකාරයට බදුල්ල සහ මහනුවර අතර දුම්රිය දෙකක් අද සිට යොදවන බවයි.

එසේම කොරෝනා ව්‍යාප්තිය සිදුවූ මුල් අවස්ථාවේදී ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මගීන්ට නොමිලේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහා විමර්ශණයක් ආරම්භ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා දුම්රිය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ අනුව විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් යටතේ අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ඉදිරිපත්වීම අවම මට්ටමක පැවතියත් ශ්‍රී ලංගමය  යොදා හැකි උපරිමයෙන් ධාවන කටයුතු සිදුකරන බව ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

 මේ අතර පෞද්ගලික බස් රථවල මගීන් අවම ප්‍රතිශතයක් ගමන් කිරීමේ අර්බුදය විසඳීමට නම් රාජ්‍ය ආයතනද කඩිනමින් යථා තත්ත්වයට පත් කරන්නැයි බස් සංගම් රජයට යෝජනා කරනවා.

එම යෝජනාව සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ රාජ්‍ය ආයතන කඩිනමින් විවෘත කරන ලෙසයි. එමඟින් මගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක්  පවතින බව ද ඔහු සඳහන් කළා.

රාජ්‍ය ආයතන විවෘත නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන රීතීන් ආරක්ෂා කිරීම තවමත් සතුටුදායක මට්ටමක නොපවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.


කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More

ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More