කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට (වීඩියෝ)

Thursday, 28 May 2020 - 12:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200 ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ මෙම නාවික හමුදා සාමාජිකයා වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සැපයූ කණ්ඩායමක සාමාජිකයෙක් බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා ආසාදිතයන් පොකුරක් හමුවීමත් සමඟ එය අවදානම් ප්‍රදේශයක් ලෙස හුදකලා කෙරුණා.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සපයන පුද්ගලයන් බාහිර සමාජයෙන් වෙන් කර  තැබීම සඳහා ගෆූර් ගොඩනැගිල්ල නාවික හමුදාව යටතට පවරා ගනු ලැබුවා.

මෙහි සිටි පිරිසට සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ දිනයේදියි.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සේවා සැපයූ මෙම කණ්ඩායම නාවික හමුදාවේ වෙනත් අභ්‍යන්තර කඳවුරු වෙත නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ තවත් හත්දෙනෙකු අද සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

ඒ අනුව නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 351 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.

මෙරටින් වාර්තාවූ වැඩිම කොරෝනා අසාදිතයන් ඊයේ සොයාගැනුනු අතර, එම සංඛ්‍යාව 150 ක්. ඉන් 53 දෙනෙකු නිරෝධායනයට යොමුකළ නාවික හමුදා සාමාජිකයින් වනවා.

අනූ දෙදෙනෙකු කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, අනෙක් පස්දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පසුගියදා පැමිණි පුද්ගලයින්.

මෙම පිරිස වාර්තාවීමත් සමඟ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 285 දක්වා ඉහළ ගියා.

මෙම පිරිසගෙන් බාහිර සමාජයට වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සඳහන් කළා.

හිරු TV ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු  කියා සිටියේ  විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු තවදුරටත් අඛන්ඩව සිදු කෙරෙන බවයි.





\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More