අවුරුදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ එපා - සෞඛ්‍ය අංශ දන්වයි

Thursday, 28 May 2020 - 13:40

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+2%E0%B6%A7+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අවුරුදු 2ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

කොවිඩ් -19 ව්‍යාප්තිය වලක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රීයාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරනු ලැබුවා.

අංශ 46ක් සඳහා එහිදී උපදෙස් නිකුත් කර තිබූණා.

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් යන අංශය යටතේ නිකුත් කර ඇති උපදෙස් වල තවදුරටත් දැක්වෙන්නේ ස්වසන අපහසුතා ඇතිවිම වැලැක්වීම  සඳහා අවුරුදු 2ට අඩු දරුවන් මෙලෙස මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු බවයි.

එමෙන්ම වයස අවුරුදු තුනේ සිට පහ දක්වා දරුවන්ට මුහුණු ආවරණ පැලදීමට ඉගැන්විය හැකියි.  

මූලික සෞඛ්‍ය නීතිරීතිවලට අනුව මුඛ ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට එම ආයතන, කාර්ය මණ්ඩල සහ පෙර පාසැල් ගුරුවරුන් කටයුතු කළ යුතු වනවා.

මීට අමතරව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උද්‍යාන භාවිතය, පිහිණුම් තටාක සහ වෙරළ භාවිතය මෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථාන වැනි ආයතන  යළි ආරම්භ කිරීමේදීද අනුගමනය කළ යුතු උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් උපකාරක පන්ති යළි ඇරඹීමේදී පැමිණීමේ පත්‍රිකා සංසරණය නොකිරීම කළ යුතු අතර, මුද්‍රිත නිබන්ධන සහ පොත් සහ සටහන් බෙදාහැරීමෙන් වැළකීම සහ පන්ති කාඩ්පත ස්පර්ශ කිරීමද සිදු නොකළ යුතු බව අදාළ උපදෙස් මාලාවේ සඳහන්.

සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමේදී පැමිණීමේ ලේඛන භාවිත නොකළ යුතු අතර, ලියකියවිලි හෝ ද්‍රව්‍ය ස්පර්ශ කිරීම මෙන්ම එෆ්.එම්. මයික්‍රෆෝන, වයිට් බෝඩ්, පෑන් පොදුවේ භාවිත කිරීමෙන්ද වැළකිය යුතු වනවා.

එමෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථාන භාවිත කිරීමේදී වරකට එම ස්ථානවලට ඇතුළත් කරගන්නා සාමාජිකයින් සංඛ්‍යාව අවම කළ යුතු අතර, ඔවුන් එහි රැඳී සිටීම පැයකට අඩු කාලසීමාවක් දක්වා සීමා කළ යුතුයි.

මීට අමතරව උද්‍යායන හා පොදු ක්‍රීඩාංගන භාවිතයේදී සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමයනය කළ යුතු බවයි නිකුත් කර ඇති උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ උපදෙස් මාලාව මෙතැනින්


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More