ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)

Thursday, 28 May 2020 - 14:11

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් වරාය නගරයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් වසංගත තත්ත්වයේ ස්වභාවය සැළකිල්ලට ගනිමින් එම සමුළු යළි පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි රුසියානු රජය ප්‍රකාශ කළේ.

මේ අතර ඇමරිකාවේ මිෂුරි ප්‍රාන්තයේ නීතිපති එරික් ස්මිත්, චීනයට එරෙහිව ඇමරිකා දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා තිබෙනවා.

ඒ, ගෝලීය වසංගත තත්ත්වයේ වඟකීම චීන රජය භාරගත යුතු බවට සහ වන්දි ගෙවිය යුතු බවට ප්‍රකාශ කරමින්.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර නීතිය පිළිබඳ චීන සංගමයේ සභාපති හොංජිං ප්‍රකාශ කර ඇත්තේ එය චීනයේ ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි.

මෙම චෝදනාවලට ජාත්‍යන්තර නීතිය තුළ කිසිදු නෛතික පදනමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

ලොවපුරා කොරෝනා ආසාදිතයන් 57 92,287 ක් වාර්තාවන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 357,471 ක් ලෙසයි.



ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More