රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න (වීඩියෝ)

Thursday, 28 May 2020 - 16:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%AC%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න 
නිධානයකින් ලබාගත් මැණික් සහ බුදු පිළිම සමග සැකකරුවෙකු අත්අඩංගුවට (වීඩියෝ)
ආඬිගම පෙරියමඩුව ප්‍රදේශයේ නිවසක තිබී නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන දඹ රන් බුදු පිළිම තුනක් ඇතුලු නිධන් වස්තු කිහිපයක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වටිනා නිල් මැණිකක් ද ඇතුළුව මැණික් ගල් 26ක්, රත්‍රං පාත්‍රයක් මෙන්ම රත්‍රං කරඬුවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිධන් වස්තු රහසිගතව අලෙවියට සූදානම් කර තිබූ බව සඳහන්.

අත්අඩංගුවට පත්වූ සැකකරු පෙරියමඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහුගේ නිවසේ බෆල් යන්ත්‍රයක් තුල මෙම නිධන් වස්තු සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අවස්ථා කිහිපයකදීම මේවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් පැමිණ ඇතත් තම මිල සීමාවට නොපැමිණීම හේතුවෙන් සැකකරු ඒවා අලෙවි කර නොමැති බවයි.

මෙම මැණික් සහ බුදු පිළිමවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

ඒවායෙහි වටිනාකම තක්සේරු කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව පුත්තලම කොට්ඨාශ දුෂණ මර්දන අංශය විසින් වැටලීම සිදුකර ඇති අතර සැකකරු සහ නඩු භාණ්ඩ පල්ලම පොලිසියට භාරදී තිබෙනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More